̎සිත්තරයෙක් යනු සිතිවිලිවල සන්සුන් ලියවිල්ලකි ̎ යන්න කියවෙයි. මෙම වාක්‍යය, උඩරට යුගයේ විහාර බිතු සිතුවම් වල සංකේතමය හැඩයන් හා ගැඹුරු තේමාවන් තුළ පවතින කලාත්මක සාක්ෂරතාවය අපට සිහිපත් කරවයි. මෙවන් විචිත්‍ර රූපාංගයක ගුණය පිරුණු චිත්‍ර ශිල්පයක රුව විය හැකි ශ්‍රි ලාංකීය ශිල්පියෙකු වූයේ නිලගම පටබැන්දා ය.
18 වන සියවසේ මහනුවර රාජධානිය යටතේ වර්ධනය වූ උඩරට චිත්‍ර ශිල්පය, විහාර සහ දේවාල බිත්ති වල නිරූපණය වූ නවතම ආකෘතිමය සංවර්ධනයක් ලෙස සැලකේ. මේ සිතුවම්,බෞද්ධ කතාවන් පමණක් නොව, සමාජීය හා සංස්කෘතික අරුත්ගන්වීම් රාශියක් ඉස්මතු කරයි.
එමඟින් බිහිවූ විශිෂ්ටතම කලා නිර්මාණයක් වන්නේ දෙගල්දෝරුව රජමහා විහාරයේ බිතු සිතුවම්ය. එ සඳහා සම්බන්ධ වූ ශිල්පීන්ගේ නාම අතරින් නීලගම පටබැන්දා මහතා, ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ.
ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් නිර්මාණය කළ සිතුවම් වල තිබෙන රූපමය සාක්සරතාවය සුවිශේෂි ය. රූපය, සංකේතය හා පවතින පූජන රීති අතර අන්යේන්යතාවය මනාව දැකගත හැක.සමාජය නියෝජනය කරන සියලුම චරිත සම ප්‍රමාණයෙන් නිරූපණය කිරීම, විරූප සහ වාක්‍යමය හැඩතල වලින් තොරව, ගැඹුරු අනුභූතිමය හැඟීම් නිර්මාණය කිරිම, ̎මාර යුද්ධය ̎වැනි අභිභවය සහ ආවේගය දැක්වෙන සිතුවම් එයට කදිම උදාහරණ වේ. මෙම සිතුවම් තුළින් බිහිවන්නේ බෞද්ධ ආගම, රාජාධිරාජයන්ගේ බලය හා ග්‍රාමීය සම්ප්‍රධායන් අතර පවතින සම්බන්ධතාවයයි.
නීලගම පටබැන්දා මහතා පිළිබඳව අපට ඍජු ජීවිත තොරතුරු සොයාගත නොහැකි වුවද, ඔහුගේ කලා උරුමය අපූරු ජාතික චිත්‍ර- භාවනාත්මක උරුමයක් ලෙස පවති. ඔහු සිත්තර වෘත්තිය තුළ පරම්පරාත්මක ශිල්පීන්ගේ සාරධර්මය සහ බෞද්ධ භාවනාවේ කලාමය රසය තීව්ර කිරීමට සමත් විය.
නීලගම පටබැන්දා යනු නමින් නොව කලාකෘතියක ජීවයයි. ඔහුගේ නම අතුරුදන් වුණත්, කලාකෘතියේ දිගහැරෙන සන්සුන් නිරූපණය ඔහු සදාකාලිකව අප මතකයේ රැඳෙයි.