කොත්මලේ ගණිතයා, පොන්නා නැකැත් පරපුරේ අවසන් පුරුක, ජ්‍යෝතිෂ්‍යය, ගුප්ත විද්‍යාව සහ කවියෙහි දක්ෂයෙකු ලෙස ඉතිහාසයට පිවිසි මහා ප්‍රාඥයකු වේ. කීර්ති ශ්‍රී රජසිංහ රජතුමා සමයේ රාජ සේවයට බැඳි, මාවෙලගමේ සිට සෙන්කඩගල රාජසභාවට යාම ඔහුගේ දෛනික ක්‍රමවත්ව පැවැත්වූ සිරිතක් වූවාය.
කොත්මලේ ගණිතයා විසින් රචිත කවි සහ “මහා ගණිතය”නම් තෙලිඟු භාෂාවෙන් ලියැවුණු ගණිත පොත, තරුණියන්ගේ රූප විස්තර සහ ගණිතමය සංකේත රීති පෙන්වයි. ජනප්‍රවාද අනුව ඔහු සිකුරා ග්‍රහයාගේ ආශිර්වාදය ලබා “සිකුරාධිපති ” ලෙස ගෞරවනාමය හිමිවිය.
ඉතිහාසය ඔහුගේ දක්ෂතාවය, ජනතා හදවතේ ආදරය සහ රජතුමා සමඟ ඇති වූ විරෝධතාවයන් සටහන් කරයි. කොත්මලේ ගණිතයාගේ ජීිවිත කතා මඟින් ගණිත, ජ්‍යෝතිෂ්‍ය සහ කවි ශිල්පය සම්බන්ධ ජනප්‍රවාද සහිතව පරම්පරාවට පැතිර ඇත.
රාජාධි රාජසිංහ රජු කාලයේ, වයසැති කොත්මලේ ගණිතයාට විරුද්ධව රජවාසලේ තරුණ නැකැත්කරුවන් කුමන්ත්‍රණයක් සිදු කලේය. රජතුමා මොවුන්ගේ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍ර දක්ෂතාවය පරික්ෂා කිරිමට, ලබු ගෙඩියක ඇට ගණන් විවරණය කලේය. කොත්මලේ ගණිතයා ඇට තුනක් තිබෙන බවත් දෙකක් පුහු බවත් එකක් හොඳ ඇටයක් බවත් නිවරැදිව පෙන්විය. මෙය දැක රජතුමු මවිතයට පත්විය. කෙසේ වෙතත් රජතුමාගේ අභිමතය අනුව, ඔහුගේ දක්ෂතා රජ පදවියට අභියෝගයක් විය හැකි බව සිතා කොත්මලේ ගණිතයා ට මරණිය දණ්ඩනය නියම කෙරුවේය. තමන්ගේ ජන්ම පත්‍රයේ අනුව තමා තව පැය තුනකින් ස්වභාවිකවම මිය යන බව දැකගත් ගණිතයා, ඒ කිසිත් නොකියා තව පැය තුනක් ජීවත් වීමට අභය දානය දෙන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියේය. රජතුමා එයට අවසර දුන් අතර ඉන් තුන් පැයක් ගතවිමෙන් පසු කොත්මලේ ගණිතයා ස්වභාවිකව මරණයට පත්වී ඇත.
අදටත් කොත්මලේ ගණිතයාගේ උරුමය, මහාගණිත පොත සහ සෙන්කඩගල ප්‍රාදේශවල සුරක්ශිතව රඳවා ඇත. ජනප්‍රවාද අනුව ඔහුගේ විද්‍යාත්මක දක්ෂතාව සහ ආශිර්වාදය ශ්‍රි ලංකාවේ ජනතා හදවතේ සැබෑ ආදර්ශයක් ලෙස සදාකාලිකව පවතී.