හෙළදිව සංස්කෘතියට අයත් ප්‍රධාන නර්තන උරුමය උඩරට නර්තන සම්ප්රදාය, පහතරට නර්තන සම්ප්රදාය සහ සබරගමු නර්තන සම්ප්රදාය වේ. මෙම සම්ප්‍රදායන් තුන ශ්‍රි ලංකා භූමි ප්‍රදේශ පිහිටිමත්, ඒ ඒ ජනයාගේ ජන ජීවිතයත් මූලික කරගනිමින් වර්ධනය වි ඇති අතර මෙහි නර්තනය යනු සෑම සම්ප්රදායකට ශරීර චලනයන්ට එහා ගිය විශේෂිත වූ නර්තන රටා, වාද්‍ය සංගීතය, හැඟීම්, පෞරාණික කතා සහ ආගමික විශ්වස එක් කරන ශක්තිමත් කලා ක්ෂේත්රයකි.
ජනප්‍රවාද හා මුඛ පරම්පරා කතා, සෙල්ලිපි,සමකාලින සාහිත්‍ය ලිපි වැනි මූලාශ්‍ර තුලින් මෙහි ඉතිහාසය පිළිබඳ දැනගැනිමට හැකි අතර ප්රාග් ඓතිහාසික යුගය තුළ ලිඛිත සාක්ෂි නොමැත. රාවනා රජු සකල කලා විදීන්ගේ ප්‍රවිණයෙක් බව එක් එක් කතා කියවෙන අතර දෙවියන් විසින් නර්තනය බිහි කරන ලද බව තව මතයකි. ලංකාවේ ආදිවාසී නර්තනයන්ගේ ප්‍රගමණය මෙම නර්තන කලාවට බල පා ඇති බව ද පැවසේ. එමෙන්ම ලංකාවේ ජන කොටසක් වූ අහිකුණ්ඨික ජනයා අතර පැවතුනු සරල නැටුම් ක්‍රමත් විජය රජු ලංකාවට ආ දිනයේ පැවතුන විවාහ මංගල උත්සවයක් පිළිබඳවත් තව දුරටත් සඳහන් වේ. එමෙන්ම අනුරාධපුර යුගයේ පඬුවස් දෙව් රජු ගේ දිවි දෝසය සුව කිරිම සඳහා පවත්වන ලද හැටපස් මංගල්‍යය නම් ශාන්තිකර්මය පැවැත්විමේ සිට පොළෙන්නරු යුගයේ නර්තනයට රාජ්‍ය අනුග්‍රහය ලැබුනු බවට පවට පවසන සාධක ඔස්සේ නර්තන ඉතිහාසය පිලිබඳ නිගමනය කල හැක.
උඩරට නර්තන සම්ප්රදාය ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සම්ප්‍රදායික නර්තන සම්ප්රදායක් වන අතර මෙය උඩරට ප්‍රදේශයේ මහනුවර නගරයේ ආරම්භ වුවකි. උඩරට නර්තනය ප්‍රධාන වශයෙන් සංස්කාරක හා ආගමික උත්සව සඳහා පවත් වන අතර කොහොඹා කංකාරිය ප්‍රධාන පූජමය ආගමික උත්සවයකි. විශේෂයෙන්ම දළදා පෙරහැරේ පවත්වනු ලබන වෙස් නැටුම විචිත්‍ර වේ. චමත්කාර වූ වෙස් ඇඳුම් කට්ටලයේ ගාම්භිරත්වයෙන් තීවෘ කරයි.
දකුණු වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව පහතරට නර්තන සම්ප්රදාය ඉතා ජනප්‍රිය සම්ප්රදායකි. ආගමික තොවිල් හා ශාන්ති කර්ම, අලංකාරාත්මක නර්තනයන් ගෙන් යුක්ත ය.මාතර, බෙන්තර හා රයිගම් කෝරළය යන අනු සම්ප්රධායින් තුනකට බෙදෙන අතර මෙහි ප්‍රධාන වාදන භණ්ඩය යක් බෙරයවේ. වන්නම් 32 කින් යුක්ත මෙය ‘සින්දු වන්නම්’ ලෙස හඳුන්වයි. දෙවොල් මඩු ශාන්ති කර්මය ප්‍රධාන ශාන්තිකර්මය වන අතර එය දෙවියන් උදෙසා පවත්වනු ලබයි. පහතරට නර්තන සම්ප්රදාය ශාන්තිකර්ම සාහිත්‍යය අතින් පොහොසත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්රදායකි.
සබරගමු නර්තන සාම්ප්‍රදාය කෑගල්ල, රත්නපුර, සබරගමු ප්‍රදේශ වල ජනතාව අතර ප්‍රචලිතය. ගායන සහ නර්තන ය එකටම සැලසිම මෙම සම්ප්රදායේ විශේෂත්වයයි. සුමන සමන් දෙවියන් මූලික කරගනිමින් සිදු කරන ආගමික උත්සව ආශ්රිත නිර්මාණය වි ඇත. මෙහි ප්‍රධාන ශාන්ති කර්මය පහන්මඩු ශාන්තිකර්මය වන අතර දෙවොල් දෙවි, පත්තිනි දෙවි හා ගම්බාර දෙව්වරු පුද ලබයි. මෙම නර්තන සම්ප්රදායේ වන්නම් ප්‍රමාණය පිළිබ`ඳ විවිධ මත ඉදිරිපත් වි ඇතත් ප්‍රධාන වශයෙන් වන්නම් 18ක් ගැන කතා කෙරේ. මෙහි වාද්‍ය භාණ්ඩය දවුලයි.
ශක්තිමත් උඩරට නර්තන සම්ප්රදාය වුවද, ආගමික අර්ථ දැක්විම් සහිත පහත රට නර්තන සම්ප්රදායක් වුවුච සබරගමුව නර්තන සම්ප්රදායේ අද්විතීය රිද්මය හා නර්තන ශෛලීන් වුව ද සෑම රටාවක් තුළ ම ආගමික හා සම්ප්‍රදායික බැඳිම් ද නර්තන වස්ත්රාභරණ ද, සංගීතය හා වාදනය ද, ආවේනික නර්තන රීති පද්දතියක් ද අධ්‍යාත්මික හෝ කතාන්දරමය අන්තර්ගත ව්‍යුහයක් දක්නට ඇත.
මෙම නර්තන ත්‍රිත්වය ම අපේ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරන්නකි. මෙමගින් අපේ ඉතිහාසය සහ සම්ප්රදාය ගැන අවබෝධයක් මෙන්ම ශාරිරික සහ මානසික සෞඛ්‍ය සුවයක් හා එකමුතුකම, සාමය, අන්‍ය ආගමිකයන් කෙරෙහි ඇති වන ගෞරවය වර්ධනය වන්නා සේම වර්තමානය තුළ ත් මෙම නිර්මාණ දකින්නට ලැබිමත්, වර්තමාන අධ්‍යාපනික විශයක් ලෙස හැදෑරිම අවස්ථාව ලැබිමත් කලා උරුමය ජීවමානව පවත්වා ගැනිමට රුකුලක් වේ. මෙම සම්ප්‍රදායික නර්තන කලාව අපේ හෘදයේ මැවුම් කලාවයි.