Blogs & Latest News

හෙළදිව පළමු රජු මහා සම්මත……


මුල් කාළීන ජන සමාජය තුළ ඔවුන්ව පාලනය කිරිමට රජෙක් නොවුනු අතර ඔවුන් හිතුමතේ ජීවත් වූනි.කාලයේ ඇවෑමෙනි මිනිසුන් අතර බෙදීමි, ප්‍රණ ඝාතයන්, සොර සතුරු අපරාධ වර්ධනය වන්නට විය. ඒ නිසාවෙන් මහජනයාගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්ණ පැණ නැගුණි. එයට විසඳුමක් ලෙස මිනිසුන් එක්රැස් වි මහා සභාවක් පවත්වා රජකමට සුදුස්සෙකු පත්කර ගැනිමට යෝජනා විය. මේ හේතුව නිසා නායකයෙකු තෝරා ගැනීමට රට පුරා අඬ බෙර යවන්නට විය.


“සියලු අංගං සටන් දන්නා,
සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,
දහිරියෙන් බලයෙන් රාජ්යන කිරිමට හැකි,
කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා”
(උපුටා ගැනීමකි)


සිව්දෙසින් එය ට ප්‍රතිචාර දැක්වූ අතර දකුණු ලකේ ගොවියෙකු වූ මනු නම් පුද්ගලයෙකු ද එයට ප්‍රතිචාර දැක්වූ අතර ඔහු ද ශිල්ප දැක්විය. ආරෝහ පරිණාහ සම්පන්න, පෙනුමෙන් ශෝබන වූ තෙදවන් ශූරවිර පුරුෂයකු වූ ඔහු තෝරාගෙන ඔහු තමන්ගේ පාලකයා කර ගත්හ. හැමදෙනාගෙම සම්මතයෙන් තේරී පත්වු පාලකයා නිසා මහා සම්මත යන නම ත්, දාන, ප්‍රිය වචන, අර්ථචර්යා, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුන් ගෙන් සමන්විත නිසාත් රාජ නම ත් එක් කොට මහාසම්මත මනු රජු ලෙස නම් කෙරුණි. ඒ හෙළදිව පළමු රජු වේ. අරිසෙන් අහුබුදු ශූරින් පවසන්නේ මනු රජතුමා තමන්ගේ රාජධානිය ලෙස තොරාගෙන ඇත්තේ මන්නාරම බවත් මනු ආ අරම, පසු කාලීනව මන්නාරම ලෙස හඳුන්වා ඇත. ජනප්‍රවාදයේ එන විස්තර අනුව මනු රජුව පත්කරගෙන ඇත්තේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට අනුව බව පැවසේ. මෙම මූලධර්මය මහාසම්මතවාදය ලෙස හැඳින් වේ.


මහාසම්මත මනු රජු ගේ බිසව මැණික්පාළි බිසවයි. ඇයට කුළුඳුල් දරුවා ලැබෙන්න සිටිය දී දොළ දුකක් හටගෙන ඇත. ඇයට සිනා සෙන්නට අවශ්‍ය වුවත් සිනා සෙන්නට බැරිවී ඇත. එය මහත් ප්‍රශ්ණයක් වූ මහාසම්මත මනු රජු මැණික්පාළි බිසවව සිනා ගැන්වීමට අඬබෙර ගසා රට පුරා සිටින කවටයින් ගෙන්වමින් ඔවුන්ගේ කවට කම් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදුනි. එනමුදු ඒ කිසිවක ප්‍රතිඵලයක් ඇති නොවීය. මැණික්පාළි බිසව සිනාසුනේ නැත. අවසානයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් වෙස් මුහුණු පැලඳගෙන කෝළමක් කර ඇත අතර එයට මැණික්පාළි බිසව සිනා වී ඇත. එදා මෙදා තුර කෝළම් රඟ දක්වන විට විශේෂ ස්ථානයක් මහාසම්මත මනු රජුට සහ මැණික්පාළි බිසවට හිමිවන්නේ ඔවුන්ට ගෞරව දැක්වීමක් වශයෙන් වේ. මැණික්පාළි බිසව මනු රජුගේ පළමු රැජිණ වන අතර රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශයේ රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විතය. මනු රජු සූර්ය වංශික වුවද ඔහුගේ පරම්පරාවෙන් ශාක්‍ය වංශය බිහි වූ බව පැවසෙයි.


ඒ කෙසේ වෙතත් මහා සම්මත මනුරජු පිළිබඳ ලංකා ඉතිහාසය තුළ පරස්පර මත ඉදිරිපත් වී ඇත. බුදුරජාණන් වහන්සේගේ ලෝකය ආරම්භය පිළිබඳ කර ඇති දේශණාවේ දී මහා සම්මත රජු හා එම පෙළපත පිළිබඳව අග්ගඤ්ඤ, පාඨික,අම්බට්ට යන සූත්‍ර වලත්, දීඝ නිකාය අටුවාව, අම්බට්ඨ අටුවාවෙහිත් මහා මන්ධාත හා චේතිය ජාතක කතා වලත්, මහා වංශය, දීපවංශය, බෝධි වංශය, කුරුණැගල විස්තරය, රාජාවලිය, වන්නි රාජාවලිය හා පූජාවලිය යන කෘති තුළත් කෝළම්, සූනියම් කැපීම ආදී ශාන්ති කර්ම කවි, කතා, මන්ත්‍ර තුළත් පුරාවිද්‍යා අභිලේඛන, සන්නස් හා මංගල කවි තුලත් ඇතුලත් තොරතුරු වන්නේ මහා සම්මත මනුරජු ඉන්දියාවේ බිහිවූ රජ ලෙසයි. මහාවංශ ටීකාවේ දැක්වෙන්නේ බෝසතාණන් වහන්සේ,මහා සම්මත රජු ලෙස උපත ලැබු බවයි.


“ මෙවන් කපමුල කිරුළ ලද අප උතුම් සම්මත නර නිදුන් හට
රුවින් අගපත් මැණික්පාලය බිසොළඳ පාවා ගෑනී මට
එවන් රජතුම බමුණෝ අටදෙන තේරු සැටි මංගලම් කීමට
කියන් සබ මැද මෙවැනි මහතුන් ඉදිරිපිට පෙර සිරිත විලසට


පැරණි මංගල කවියක මහා සම්මත රජු හා මැණික්පාළි දේවියගේ විවාහ කතා පුවත එසේ සඳහන් කර ඇත. ශාන්තිකර්ම තුල එන වින උපත හා සූනියම් යාගය පිළිබඳ තොරතුරු තුළ මහා සම්මත රජු පිළිබඳ සඳහන් වන අතර සූනියම් කැපුම මුල් කොට උපන් යාගය මැණික්පාළි බිසවට කරන ලද යාගයක් වන අතර එය මැණික්පාල ශාන්තිකර්මය ලෙස හඳුන්වනු ලබයි.


සමාජයේ විවිධ මත ගොඩ නැගුන ද මහා සම්මත රජු වුවත් මහා සම්මත මනු රජු වුවත් පෘථීවියෙහි නීතිය පිහිටුවූ පළමු මිනිසා සහ පරම්පරාවේ ආරම්භකයා ලෙස ඉතිහාසගත වේ.

November 15, 2025