1880 ජූනි මස 7 වන දින අම්බලන්ගොඩ ආඳාදොල ග්‍රාමයේ උපත ලැබූ ඇම්. සාර්ලිස් ශ්‍රි ලාංකික සිතුවම් කලවේ නව යුගයක් ඇරඹු විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ කලා නිර්මාණයන්හි දැක්වෙන්නේ බෞද්ධ සම්ප්රදාය සහ බටහිර චිත්‍ර ශෛලීය අතර සාර්ථක සංයෝජනයකි. එමඟින් ඔහු ශ්‍රි ලාංකික බෞද්ධ සිතුවම් කලාවට නව මගක් විවෘත කළේය.
1909 දී සාර්ලිස් මහතාට ලැබුණු විශේෂ අවස්තාවක් වන්නේ, බටහිර තාත්වික චිත්‍ර ශෛලියට පුරුදු වූ ප්‍රකට චිත්‍ර ශීල්පියෙකු වු රිචඩ් හෙන්ඩි්රකස් මහතා සමඟ එක්ව කටයුතු කිරිමය. ග්‍රෑන්ඩ්පාස් ජයතිලකාරාම විහාරයේ සිතුවම් නිර්මාණ කටයුතු අතරතුර හෙන්ඩි්රකස් මහතාගේ මගපෙන්වීම යටතේ සාර්ලිස් මහතා එම ශෛලිය අනුගමනය කරමින් තම නිර්මාණ තුළ නව විලාසිතා රටා මවන්නට විය.
ජයතිලාකාරම විහාරයේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමද සාර්ලිස් මහතාගේ කාර්යය විය. එම කටයුතු සිදුකරමින් සිටියදී ඔහු කඩොල්ගල්ලේ මහා සිත්තර ගුරුන්ගේ ගෝලයෙකු යටතේ මාළිගාකන්ද විහාරයේ සිතුවම් කිරිම ආරම්භ කලේය. ඒ නිර්මාණ කටයුතු අවසන් වන්නේ වසර නමයකට පසුව වන අතර එහිදී ඔහුගේ ශිල්පීය දක්ෂතාවය පූර්ණයෙන්ම කැපීපෙනුනි.
එක් යුගයක බොහෝ සිංහල නිවෙස්වල බිත්ති සැරසිලි වික්ටෝරියානු රජ පවුලේ පින්තුර හෝ බටහිර නිරූපිකාවන්ගේ රූපවලින් යුක්තව තිබුණි. බෞද්ධ නිවෙස් සඳහා සුදුසු අභ්‍යන්තර චිත්‍ර නොතිබු තත්වයක් දක්නට ලැබුණි. එම හිස්තැන පිරවීමේ අරමුණින් සාර්ලිස් මහතා තම නිර්මාණ කුසලතාව භාවිතා කරමින් ඔහු විසින් නිර්මාණය කරන ලද බෞද්ධ චිත්‍ර එකතුව ඩී. විලියම් පේද්‍රිස් මහතා වෙත ඉදිරිපත් කළ විට, ය විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් අතර සිංහල නිවෙස් තුළ බෞද්ධ විලාසිතාවකින් යුත් අලංකාර සිතුවම් ප්‍රචලිත විය.
ඔහුගේ නිර්මාණයන් අතර සීවලී මහා රහතන් වහන්සේගේ චිත්‍රය විශේෂයෙන් ජනප්‍රිය විය. 1923 දී විලියම් පේද්‍රිස් සමාගම,ඔහුගේ බෞද්ධ සිතුවම් කොළ ප්‍රචාරය කිරිම සඳහා “සිංහල ජාතිය” පුවත්පතේ කතෘ පියදාස සිරිසේන මහතා මඟින් “බෞද්ධ සිතුවම් වර්ණනා කාව්‍යය” නමින් ග්රන්ථයක් නිකුත් කළ අතර, එම ග්‍රන්ථයේ සැලසුම් කටයුතුද සාර්ලිස් මහතා විසින්ම සිදු කරන ලදී.
මෙම නිර්මාණ මගින් සාර්ලිස් මහතා දිවයින පුරා ප්‍රසිද්ධිට පත්විය. එම නිසා ඔහුට විවිධ විහාර මන්දිරවල සිතුවම් කිරිමේ අවස්ථාව ලැබුණි. ඒ අතර කොළඹ මාලිගාකන්ද විහාරය, අශෝකාරාමය, ඉසිපතනාරාමය, වේලුවනාරාමය, පොතුපිටියේ පූජාරාමය, කිරිබත්ගොඩ ඊරියවැටිය සුදර්ශනාරාමය, තිස්සමහාරාමය, වරකාගොඩ විහාරය,බෝමිරිය ගනේවත්ත විහාරය සහ ඉඳුරුව යාලේගම විහාරය ප්‍රධාන වේ.
“ස්වදේශ ම්ත්‍රයා” පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ද,“රාජකීය වික්‍රමය” නම් වූ ප්‍රථම සිංහල චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර ඇත.නව පරපුරට දැනුම ලබා දීම ස`ඳහා දෙමටගොඩ “ලංකා චිත්‍ර කර්ම විද්‍යාලය” ආරම්භ කල ඔහු 1955 නොවැම්බර් 21 වන දින මාතර වෙහෙරහේන බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ නිරතව සිටියදී අභාවප්‍රාප්ත විය. ඔහුගේ කලා සම්පාදනය ශ්‍රී ලාංකික බෞද්ධ චිත්‍ර කලා ඉතිහාසයේ අමරණිය පිටුවක් ලෙස සදා තැන්පත් වී ඇත.